background img

Creative Activities for Children

Creative Activities for Children (CAC-Prog) by Somalatha Subasinghe’s Play House-Kotte Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) or popularly known as Play House-Kotte commences its next session of “Creative Activities for Children” programme in June 2014.

Children from ages four to fourteen can take part in the programme. The prime objective of the programme is to develop child’s mental and physical aspects and to enhance artistic taste, cheerfulness and playful sense of the child through aesthetic experiences. Therefore this programme can be considered as an extracurricular learning that supplements the formal education the child obtains in school. The programme gives the child the opportunity to learn the basics of enjoying and appreciating music, free movement, dance and rhythmic movement, acting and language, art, singing, puppetry and handwork.

Creative Activities for Children – Download
 

“Creative Activities for Children” Programme – June, 2014 – Application Form

සෝමලතා සුබසිංහගේ කෝ ට්ටේ රංග පීඨය මෙහෙයවන ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වැඩසටහන

සෝමලතා සුබසිංහගේ ලංකා ළමා හා යොවුන් රඟහල පදනම (LCYTF) ඉදිරිපත් කරන ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් (Creative Activities for Children Programme) වැඩසටහනේ මීළඟ වාරය 2014  ජූනි මාසයේදී ඇරඹිමට නියමිතය. මෙම  වැඩසටහන  කෞශල්‍යා  ප්‍රනාන්දු,  සහ ආචාර්ය චන්දන අලූත්ගේ විසින් මෙහෙයවනු ලබයි.

ලංකා ළමා හා යොවුන් රඟහල පදනම සහ එහි නාට්‍ය නිෂ්පාදන හා පුහුණු අංශය වන කෝට්ටේ රංග පීඨය (Play House-Kotte) සෝමලතා සුබසිංහ විසින් 1981 දී ස්ථාපිත කරන ලදී. ළමුන් හා යෞවනයන් සඳහා නාට්‍ය නිෂ්පාදනය හා රංගනය දියුණු කිරීම, ශිල්පීන් පුහුණු කිරීම හා නාට්‍ය කලාව පිළිබඳ පර්යේෂණ කිරීම මෙම ආයතනයේ අරමුණු වේ. මෙම ආයතනය ළමා හා යොවුන් නාට්‍ය නිෂ්පාදනය පිළිබඳව ලංකාවේ ඇති ප්‍රමුඛතම ආයතනයක් වේ. 1981 සිට මෙම ආයතනය මඟින් ළමුන් හා යෞවනයන් සඳහා ගීතමය නාට්‍ය හා වැඩිහිටි ප්‍රේක‍ෂාගාරය සඳහා ප්‍රධාන ප්‍රවාහයේ නාට්‍යය ද බොහෝ සංඛ්‍යාවක් නිෂ්පාදනය කොට ඇති අතර ඒවා ලංකාව තුළ මෙන්ම විදේශවලදී ද රඟ දක්වා ඇත. මෙම ආයතනය 2007 ජනවාරි මාසයේදි අංක 03 දරණ ආඥා පනත මඟින් ලංකා ළමා හා යොවුන් රඟහල පදනම ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංස්ථාගත කරන ලදී.

සෝමලතා සුබසිංහ මෙහෙයවන ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වැඩසටහන – Download

Visit Us : The Administrative Secretary Lanka Children’s and Youth Theatre Foundation 166/1, Buddhist Institute Avene Parliament Road, Kotte 10100 Sri Lanka. Call / Fax Us : Tel : + 94 11 2863306 Fax : + 94 11 2869145 Website: www.playhousekotte.org