බක් මහ අකුණු ප්‍රථම වරට 1963 අප්‍රේල් මස වේදිකාගත කෙරුනු අතර දයානන්ද ගුණවර්ධනයන් එම නාට්‍යය තුලින් ප්‍රථම
වතාවට කැරකෙන වේදිකාව ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේය. නැවතත් කැරකෙන වේදිකාවක් මත මෙවර නාට්‍යය රග දැක්වීමට
මෙම නාට්‍යකරුවා විසින් පිහිටවූ නඵ කීර්ති සභා නාට්‍ය කණ්ඩායම අවශ්‍ය සියඵ කටයුතු සූදානම් කරමින් සිටී. බොහෝවිට
1963 ට පසු කැරකෙන වේදිකාවක් නාට්‍යයක් රගදැක්වීමට යොදා ගන්නා පළමු අවස්ථාව මෙය වනු ඇතැයි අනුමාන කෙරේ.
දයානන්ද ගුණවර්ධනයන් විසින් රචනා කොට නිෂ්පාදනය කල ප්‍රශස්ථ නාට්‍ය මෙකල සහෘද නාට්‍ය කලා රසිකයින්ට රසවිදීමේ
අවස්ථාවක් සැලසීමේ පියවරක් ලෙස බක් මහ අකුණු නාට්‍ය නැවත කරලියට ගෙන එන අතර නාට්‍යයෙන් උපදවන හාස්‍යය,
අප සිනහවට ලක් කළේ කවුරුන්ද වග අපෙන්ම ප්‍රශ්න කරවයි. මෙම නාට්‍යයෙන් පාලක පන්තිය විසින් පීඩිත පන්තිය යට
කිරීමට දරන වෑයමත්, එයින් මිදීමට ඔවුන් යොදා ගන්නා විවිධ වූ උපක්‍රමයනුත් මනාවට ගෙනහැර දක්වයි. ජනප්‍රිය ගීත සහ
හාස්‍යය පිරුණු මෙම නාට්‍යයේ කැරකෙන වේදිකාවක් භාවිතා කිරීම ශ්‍රී ලාංකීය නාට්‍ය ලෝලීන්ට නැවුම් අත් දැකීමක් වනු ඇත.
බක් මහ අකුණු ෆිගාරෝගේ විවාහය නැමැති සුප්‍රසිද්ධ ප්‍රංශ නාට්‍යය ඇසුරින් ලියවුන සිංහල නාට්‍යයකි. ෆියරේ ඔගස්ටින්
කැරන් ඩී බොමාෂේ නැමැති 18 වන ශත වර්ෂයේදී විසූ නාට්‍යකරුවකු විසින් රචිත මෙම නාටකය පසුව ලොරෙන්සෝ ද
පොත්ටෙ නැමැති ඉතාලි ජාතිකයා විසින් ගීයට නගා මෝට්සාට් විසින් චමත්කාර ජනක ගීත නාට්‍යයක් බවට පත්කරන ලදී.
වියානා නගරයේදී 1786 මැයි 1 වෙනි දින ප්‍රථම වරට රග දැක්වූ ෆිගාරෝගේ විවාහය ගීත නාටකය ලොව වැඩිම වාර
ගණනක් රග දැක්වූ ගීත නාටකය වෙයි. මෙය ලෝකයේ බොහෝ භාෂා වලට පරිවර්තනය කොට ඇත………..
මෙම අග්‍ර ගණයේ නාට්‍යකරුවා විසින් රචිත බක් මහ අකුණු ග්රන්ථ පෙරවදනේ මෙසේ සටහන් වේ. මැරේජ් ඔෆ් ෆිගාරෝ මා
මුලින් දුටුවේ බුකාරෙස්ට් නගරයේදීය. රුමේනියානු සුහද සංගමයේ ආරාධනාවක් පරිදි කරජියාලේ නම් සුප්‍රකට රුමේනියන්
නාට්‍යකරුවාගේ සමරු උළෙලට සහභාගී වීමට මා 1962 දී එහි ගොස් සිටි දිනක බුකරෙස්ට් ඔපෙරා ශාලාවේදී නැරඹුවෙමි.
1962 මැයි 31 වෙනි දින පැවැත්වූ මෙම දර්ශනය අතිශ්‍යයින්ම චමත්කාරජනක විය. රොසිනා මල් වත්තේ ගයන ගීතය
මුලූ ශාලාවම ඔන්චිල්ලාවක ලා නලවන ආකාරයෙන් අර්ටාපෙලාරෙස්තු නැමැති සම්මාන ලත් නිළිය ගැයු ආකාරය මට
කෙදිනකවත් අමතක නොවේ. මා සිත තදින්ම බැදගත් මේ නාටකය සිංහලට නැගීමට එදින ඉටාගත්තෙමි. රුමේනියාවේ සිට
මා ඊ ලගට ගියේ චෙකොස්ලොවැකියාවටයි. බක් මහ අකුණු රචනය එවිට පටන් ගෙනය. සිංදු රචනා කරමින් එවා තමාටම
කියා ගනිමින් ප්රාග් නගරයේ පාරවල් දිගේ රාත්‍රියේ ඇවිදි අන්දම මට තවම මතකය. විලේ දිලෙන ලප යන ගීතය ප්රාග් වීදි
වල නිර්මාණය වූවකි .
බක් මහ අකුණුනාට්යය බක් මහ දීගේ නමින් චිත්‍රපටියක් ලෙස ගුණවර්ධනයන් නිෂ්පාදනය කලේ 1969 දීය. චිත්‍රපටියේ එන
ආදර හැගුම්, මලකින් මලකට, කන්ද උඩින් හද පායන ලීලා වැනි ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ අතර තවමත් සෑම
වර්ෂයකම අඵත් අවුරුදු කාලයට මෙම චිත්‍රපටය ඇතැම් රූපවාහිනී නාලිකාවලින් නොවරදවාම විකාශනය වේ. වේ.
බක් මහ අකුණු මෙවර ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් රංගගත වේ. ජයනාත් බණ්ඩාර, රත්නශීලා
පෙරේරා, සුනිල් තිලකරත්න, ජනක රණසිංහ, ඉන්දික ජයසිංහ, තරංගා කුමාරී, කැලූම් ගම්ලත්, යොහාන් රණසිංහ, සංජීවනී
විෙජ්කොන් සමග මහේෂ් අමරකෝන් රංගනයෙන් එක්වන අතර සෝමදාස ඇල්විටිගලගේ සංගීත නිර්මාණයන් පුබුදු වල්පිට
විසින් මෙහෙය වනු ඇත. රංග වස්ත්‍ර නිර්මාණය අයිරාංගනී හා අභිමංගලා ගුණවර්ධනත් වේශ නිරූපනය චන්ද්‍රසිරි රාජපකෂත්
වන අතර රංග වින්‍යාසය ප්‍රසන්නජිත් අබේසූරිය විසින් ද මෙහෙයවන අතර වේදිකා අලංකරණය රංජිත් ප්‍රේමතිලක හා ඉන්දික
රාමණායකගෙනි. වේදිකා පරිපාලනයෙන් අසෝක ජයසිංහත් වේදිකා ආලෝකරණයෙන් ගාමිණී වන්නිආරච්චිත් සහය වන මෙහි
කැරකෙන වේදිකාව කැලූම් සමීර ජයසිංහ නිර්මාණය කරයි. තාකෂණික උපදෙස් ඩබ්ලිව්. ඒ. ශාන්ත කුමාර හා කීර්ති
ගුණවර්ධනගෙනි. නඵ කීර්ති සභා වෙනුවෙන් වසන්ත ගුණවර්ධන බක් මහ අකුණු නිෂ්පාදනය කර ඇත..