background img

Karaliye Kolam

Will be showing on future

 

 

 

 

 
For more info :

සම්ප‍්‍රදායිකත්වය නූතනය තුළ අස්වද්දන්නට
පහතරට බොහොමයක් කලා සම්ප‍්‍රදායන් එක්තරා පවුල් කිහිපයක් ආශ‍්‍රිතව පැවත ඒම දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි.අම්බලන්ගොඩ විජේසූරිය පරම්පරාවද තම පරම්පරාවෙන් දායාදවූ ශීල්පීය නිපුනත්වය හෙල දෙරන මත පමණක් නොව විශ්වය තුලද අස්වද්දන්නට සමත්කම් දැක්වූහ.ඉන් ලැබූ කීර්තිය යසස ප‍්‍රශංසාව රන්හුයක් සේ හෙළ දෙරන වටා ගෙත්තම් වී තිබේ.

මෙකී පරම්පරාවේ මෑත කාලීන යුගපුරුෂයා වූ ආරියපාල ගුරුන්වහන්සේගෙන් පසු මෙකී පරම්පරාවේ අද්විතීය ශිල්පියා බවට පත්වූයේ නර්තන ප‍්‍රතිභා ප‍්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබූ බන්දු විජේසූරිය මහතාය.තම පියාලෙන් කෝලම් නාට්‍ය කලාව වෙස්මුහුණු කර්මාන්තය තොවිල් ශාන්තිකර්ම හා ගෘහ නිර්මාණය ආදී ශිල්පීන් ප‍්‍රගුණ කර දෙස් විදේස් ජනතාවගේ දුක්ඛ දොමනස්සයන් තුලදී පිහිට වෙමින් ඉමහත් සේවයක් සිදු කරන ලදි.

දේශ්‍යමාන්‍ය චිත‍්‍රසේන ශූරීන්ගෙන් ලද මුද්‍රා නාට්‍ය නිපුනතාවය තුලින් කරදිය නලදමයන්ති වැනි මුද්‍රා නාටක වල ප‍්‍රධාන චරිත රග දක්වමින් ප‍්‍රසංශනීයත්වයට පත්විය.එතුමා තම පියාගෙන් ලද සම්ප‍්‍රදායික කලාව මානික්‍යයක් සේ සුරකිමින් විජේසූරිය පරම්පරාවේ නාමය විශ්ව ගුවන සිසාරා රන් අකුරින් ලියන්නට සමත්කම් දැක්වීය.

නර්තන ප‍්‍රතිභා ප‍්‍රනාම සම්මානයෙන් පිදුම් ලද මෙතුමා වර්ෂ 2005 දී අප අතරින් වියෝ වූ අතර එතෙක් පරම්පරා හයක් පුරාවට රැුගෙන ආ සම්ප‍්‍රදායික කලාව එතැන් පටන් වර්තමානය තුළින් අනාගතය වෙත රැුගෙන යාමට එතුමාගේ දියණියන් වූ මනෝෂිකා විජේසූරිය හා කාංචනා විජේසූරිය වෙත පැවරිනි.

තම පියාගෙන් ලද පාරම්පරික උරුමය අනාගතය වෙත ප‍්‍රවිශ්ඨ කිරීමට ඔවුන් ගන්නා වෙහෙස අපමණය.කාන්තා නියෝජනයන් වෙත එළඹෙන සුවහසක් බාධක මධ්‍යයේ බිඳකුදු නොසැලී ඉදිරියට යාමට ඔවුන් සමත්ව තිබෙන බව එදා මෙදා ඔවුන් තුළින් බිහිවූ විශිෂ්ඨ නිර්මාණයන් සාක්‍ෂි දරයි.

වර්තමාන සිතුවිලි වෙත සම්ප‍්‍රදායික කලාවේ හරය සමීප කරන්නට නව නිර්මාණ බිහිකිරීමට කාංචනා විජේසූරිය සමත්ව තිබීම සතුටට කරුණකි.කරළියේ කෝලම් යනු එවන් විශිෂ්ඨ නිර්මාණයකි.

කොලම් නාට්‍ය කලාවේ තිබෙන සම්ප‍්‍රදායික මුහුණුවර වර්තමානය වෙත ගැලපෙන ලෙස වෙනසකට බදුන් වුවද නිර්මාණශීලීත්වය තුලින් එහි රැුදුන කලාත්මක ස්වීයත්වයට කිසිදු හානියක් සිදුවී නැත .ගායනය වාදනය හා ඇඳුම් පැළඳුම් නූතන කරළියට ගැලපීමට ගත් උත්සහය සාර්ථකය.තව නොබෝ දිනකින් මෙම නිර්මාණශීලි ප‍්‍රසාංගිකය අප කාගේත සිත් වලට සම්ප‍්‍රදායික කලාවේ හරය සන්තර්පනය කරනු නොඅනුමානය.

Producer – Kanchana Wijesooriya