background img

Suparnaka

Directed by Kanchuka Dharmasiri.

ශූර්පනඛා නොහොත් සුපර්ණකා යනු රාවණ රජුගේ නැගෙණිය යි. රාමායණය තුළ ඇය පෙනී
සිටින්නේ ද්විතීය චරිතයක් ලෙසිනි. ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත රාවණ පුරාවෘත්ත
තුළද සුපර්ණකා යනු අවශේෂ චරිතයකි. නමුත්, රාම-රාවණ ගැටුම පිළිබඳ කවර
ආඛ්‍යානයක් තුළ වුවත්, එම ගැටුම ආරම්භ වන්නේ සුපර්ණකා ආශ්‍රිත සිදුවීමක්
මුල් කොටගෙන ය. ඉන්පසු, ඇය ප්‍රධාන ආඛ්‍යානයෙන් පසෙකට යන අතර රාජ්‍යත්වය,
සමාජ චාරිත්‍ර, කුල ගෞරවය යනාදී මහේක්ෂ තේමා ඉදිරියට එයි. ඒ වෙනුවට කතාවේ
කේන්ද්‍රයට සුපර්ණකා පැමිණියහොත්, දේවල් කෙසේ විකාශනය වනු ඇති ද? මෙම
නාට්‍යය සුපර්ණකාගේ කතාව යළි පරිකල්පනය කරමින් ඉහත ප්‍රශ්නය ගවේෂණය කරයි.